වසර 112 ක අභිමානනීය ඉතිහාසයක හිමිකාරිත්වය දරන මල්වල ජාතික පාසල රුවන්පුරෙන් මදක් ඈතට වන්නට රමණිය කදු මායිමකින් වට වූ භුමි භාගයක පිහිටා ඇත.සමනොළ ගිරි පිස හමා එන මද නළින් පහස ලබන්නා වූ මල්වල විදුබිම සතුව සොබාදහමේ නිරන්තර ආශිර්වාදය හිමිවී ඇත්තේ තිළිණයක් ලෙසිනි.පුරා වසර ගණනක් සුවහසක් දරු දැරියන්ගේ නැණ නුවණ වඩන්නට කැප වූ මල්වල පාසල් මාතාව නගරයට එක කරන්නේ අමිල වටිනාකමකි.
|
ආරම්භ කළ වර්ෂය |
1910 ඔක්තෝම්බර් 10 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
02 |
|
මුල් ගුරුතුමාගේ නම |
බ්‍රම්පි සිංඤෝ මයා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ර/මල්වල මහා විද්‍යාලය |
|
ප්‍රථම ශිෂ්‍යන්ගේ නම් |
උදානිස් අප්පුහාමි
|